fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලංගොඩ මහ වනයේ අතරමං වූ දරුවා සොයා හතරවන දිනටත් මෙහෙයුම්

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2018 12:18

බලංගොඩ මහ වනයේ අතරමං වූ දරුවා සොයා හතරවන දිනටත් මෙහෙයුම්

බලන්ගොඩ, සමනල වත්ත ප්‍රදේශයේ ඝන කැලෑවක අතුරුදන් වූ දරුවා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පසුගිය සිකුරාදා දහවල් කාලයේ සිටයි මෙම දරුවා අතුරුදන්ව සිටින්නේ. දරුවා පාසල ඇරී නිවසට පැමිණි විට ඔහුගේ පියා දර කැඩීම සදහා අසළ කැලයට ගොස් තිබෙනවා. පියා බැලීම සදහා දරුවාද පසුව කැලයට ගොස් ඇති නමුත් ඔහු යළි නිවසට පැමිණ නැති බවයි වාර්තා වී ඇත්තේ. වයස අවුරුදු 10ක් වූ සහන් කුමාර ධර්මසිරි  නම් වූ මෙම දරුවා මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතවයි සිටින්නේ. දරුවා පදිංචිව සිටි නිවසට මීටර් 500ක් පමණ දුරින් දිවියෙකුගේ පහරදීමෙන් මියගිය ගෝණෙකුගේ සිරුරක් ද හමුවූ බව පොලිසිය ප්‍රකාශ කළා. මෙම ප්‍රදේශයට නිරන්තරයෙන් දිවියන් පැමිණෙන බවද ප්‍ර දේශවාසීන් පවසනවා. හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කරනවා. යුද හමුදා සාමාජිකයන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද මෙහෙයුමට එක්ව සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2018 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්