සරසවි සිනමා සතිය ඇරඹෙයි..
Related Articles
ශ්‍රී ලාංකේය සිනමාවේ මහා කලා මංගල්‍යය ලෙස විරුදාවලි ලත් 34 වන සරසවිය සිනමා සම්මාන උළෙල ලබන මස 03 වැනිදා පැවැත්වීමට නියමිත බව ඔබ දැනටමත් දන්නවා.
ඊට සමගාමීව සංවිධාන කෙරෙන “සරසවි සිනමා සතිය“ අදින් ආරම්භ වනවා.
අද (24) සිට ලබන 28වැනිදා දක්වා පස්වරු හතට කොළඹ රීගල් සිනමා ශාලාවේදී මෙම සිනමා සතිය ආරම්භ වන බව සඳහන්.
නොමිලේ පැවැත්වෙන මෙම සිනමා සතිය සඳහා සහභාගී වන ඔබට රීගල් සිනමා ශාලාවේදී නැරඹීමට හැකි චිත්‍රපට මෙසේයි..
“පත්තිනි“ – 24 වන අඟහරුවාදා.
“මායා“ – 25 වන බදාදා
“ආලෝකෝ උදපාදි“ – 26 වන බ්‍රහස්පතින්දා.
“ධර්ම යුද්ධය“ – 28 වන සෙනසුරාදා.