fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 12කට පසු ලැබූ ක‍්‍රිකට් ජය

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2018 18:09

වසර 12කට පසු ලැබූ ක‍්‍රිකට් ජය

වසර 12 කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ දෙරට අතර පැවති අවසන් හා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 199ක ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමගයි.  කොළඹ එස් එස් සී  ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා  පලමුව පන්දුවට පහරදුන් ශ්‍රි ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 338ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට ලබා ගතහැකි වුණේ ලකුණු 124ක් පමණයි. ලකුණු 214ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව කඩුළු පහක් දැවී ලකුනු 275ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා. මේ අනුව ලකුණු හාරසිය අනූවක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 290ක් පමණයි. නිත්‍ය ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්,  කණ්ඩායම් කළමනාකරු හා ප්‍රධාන පුහුණුකරුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග තහනම් පැනවීම හේතුවෙන් මෙම තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ සුරංග ලක්මාල්.

සුරංග ලක්මාල්-නායක-ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම,

මෙම තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලකට තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පියවර ගත්තා. ඒ තරගයෙන් අනතුරුව විනය විරෝධී ලෙස හැසිරිම හේතුවෙන්. මේ අතර ශ්‍රී ලංකාව හා  දකුණු අප්‍රිකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 29 වනදා සිට ආරම්භ වීමට නියමිතයි. ඊට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක් වන්නේ දැයි තීරණය කළ යුත්තේ තේරීම් කමිටුව බවයි අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසන්නේ.

අමාත්‍ය ෆයිසර් මුස්තෆා,

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2018 18:09

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්