ආසියාවේ හොදම පොලිස් විශ්වවිද්‍යාලය බිහි කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අසූ එක් වන අන්තර් කොට්ඨාස පොලිස් ක්‍රීඩා සමාප්ති උළෙලට එක්වෙමිනුයි. අන්තර් කොට්ඨාස පොලිස් ක්‍රීඩා උත්සවය උත්කර්ෂවත්ව පැවැත්වූයේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදීයි.
තරගාවලියේ කාන්තා හා පිරිමි ද්විත්ව ශූරතා දිනා ගැනීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය සමත් වුණා. මේ අනුව තරගාවලියේ සමස්ත ශූරතාවද ඔවුන්ට හිමි වුණා. තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක් උත්සවයට එක්ව සිටියා.