වසර හැටකට පසු මැලේරියාව සදහා ලබා දෙන ප්‍රතිජීව ඖෂධයකට ඇමෙරිකා රජය අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම ඖෂධය විශේෂයෙන්ම සකස් කර ඇත්තේ පුනරාවර්තී මැලේරියාව සුව කිරීම සදහායි. මෙම රෝගයේ ප්‍රධානතම අභියෝගය වන්නේ අදාළ රෝගකාරක පරපෝෂිතයාට රෝගය නොමැති අවස්ථාවේදී විනාශ වීමෙන් තොරව වසර ගණනාවක් අක්මාව තුළ ජීවත් වීමේ හැකියාව පැවතීමයි. සොයාගත් මෙම නව ඖෂධය මගින් අක්මාව තුළ ඉතිරිවී සිටින මැලේරියා පරපෝෂිතයින් ද සම්පූර්ණයෙන්ම විනාශ කර දමා රෝගය මුළුමනින්ම මර්දනය කළ හැකියි.
ප්ලැස්මෝඩියම් වයිවැක්ස් නමැති පරපෝෂිතයාගෙන් ඇතිවන මැලේරියා රෝගයෙන් සෑම වසරකදීම ලොව පුරා මිලියන අටයි දශම පහක ජනතාවක් පීඩා විදිනවා. කුඩා ළමුන්ට මෙම රෝගයෙන් වැඩි අවධානමක් පවතින අතර රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුගෙන් නීරෝගී පුද්ගලයෙකුට මැලේරියා නොවන මදුරුවෙකු හරහා ද මෙම රෝගය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතිනවා. මේ හේතුවෙන් පුනරාවර්තී මැලේරියාව ලෝකයෙන් තුරන් කිරීම