fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ රදගුරු අභිෂේකය ජනපති ප‍්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2018 12:08

ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ රදගුරු අභිෂේකය ජනපති ප‍්‍රධානත්වයෙන්

යම් පුද්ගලයෙකු සමාජයේ පිළිගැනීමට සහ ගෞරවයට ලක්වීමට නම් ඔහුගේ දර්ශනය සහ චරිත ලක්ෂණ සෑමවිටම එක මගක ගමන් කළයුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ විශ‍්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ රදගුරු අභිෂේකයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් ඊයේ (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ සංවිධානය කර තිබු උත්සවයට එක්වෙමිනි.

ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරු හිමිපාණන් වහන්සේ සමාජය තුළ දැඩි පිළිගැනීමකට සහ ගෞරවයකට ලක්ව ඇත්තේ උන්වහන්සේගේ දර්ශනය සහ චරිත ලක්ෂණ එක මගක ගමන් ගත් නිසා බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

අද ඇතැම් දේශපාලනඥයින්ගේ දර්ශනය ඔවුන්ගේ චරිත ලක්ෂණ තුළ දකින්නට නොලැබීම හේතුවෙන් දේශපාලන ක්ෂේත‍්‍රයේ සිදුව ඇති පරිහානිය ද මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිතුමා මිනිසුන් අතර සිටින සැබෑ මිනිසුන් සෑම විටම අන්‍යයන්ගේ ආදරයට සහ ගෞරවයට පාත‍්‍ර වන බව ද කියා සිටියේය.

ජාති, ආගම් භේදයකින් තොරව සියලු ජනතාවට සෙනෙහබර වෙමින් අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් වහන්සේ ආගමික සහ සාමාජයීය වශයෙන් ඉටුකරන පුළුල් මෙහෙවර ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

මෙම උත්සවයේ විශේෂ දේශනය මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා විසින් සිදු කරන ලදී.

අති උතුම් ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ පණිවිඩය ප‍්‍රකාශයට පත් කිරීම ගරු සිරිල් ගාමිණි ප‍්‍රනාන්දු පියතුමා විසින් සිදු කළහ.

ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ, සියම් මහා නිකායේ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ, වතිකානු අපෝස්තලික තානාපති අති උතුම් පියරේ වැන්ඩොට් පියතුමා ප‍්‍රමුඛ පියතුමන්ලා ද, කතානායක කරු ජයසුරිය, මහතා ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු ප‍්‍රමුඛ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2018 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්