ලෝකර්නෝ අන්තර්ජාතික සිනමා උළෙලේ (Open doors) කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව ද නියෝජනය කරනවා.
මේ සිනමා උළෙලේ වෘතාන්ත චිත්‍රපට සහ කෙටි චිත්‍රපට යන අංශ නියෝජනය කරමින් ශ්‍රී ලාංකික චිත්‍රපට දෙකක් තෝරාගෙන තිබීම මීට හේතුවයි.
වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩයට ජූඩ් රත්නම් නිර්මාණය කළ වෘතාන්ත වාර්තා චිත්‍රපටයක් සහ කෙටි චිත්‍රපට කාණ්ඩයට ලංකා බණ්ඩාරනායක නිර්මාණය කළ කෙටි චිත්‍රපටයක් මෙලෙස තෝරාගෙන තිබෙනවා.
ජූඩ් රත්නම් නිර්මාණය කළ Demons in paradise චිත්‍රපටය ප්‍රංශය සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක්. 2017 වසරේ නිර්මාණය වූ මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය සහ ඒ ආශ්රිත දේශපාලනික වටපිටාව ආශ්‍රිතව නිර්මාණය වූවක්. සත්‍ය සිදුවීම් සහ චරිත පදනම් කරගනිමින් මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.
ලංකා බණ්ඩාරනායක නිර්මාණය කළ Tradition හෙවත් “සම්ප්රදාය” කෙටි චිත්‍රපටයත් මෙවර ලෝකර්නෝ සිනමා උළෙලේ Open doors කාණ්ඩය යටතේ තෝරාගෙන තිබෙනවා. සාම්ප්‍රදායික විවාහ මංගල්‍යයකදී මිත්තණියක් තරුණියකට සාම්ප්‍රදායික ආභරණ පළඳවන අතරතුර ඒ ආභරණ කොටස් වලින් කියවෙන අර්ථය පැහැදිළි කරදෙන ආකාරය සහ එය ඇගේ ජීවිතය සමග සම්බන්ධ වන ආකාරය ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා.
Open Doors කාණ්ඩය යටතේ දකුණු ආසියානු කලාපයේ නිර්මාණ කරුවන් පිරිසකගේ නිර්මාණ ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, මියන්මාරය, නේපාලය, පකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල් අතුරින් තෝරාගෙන තිබෙනවා.