fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාපාරිකයන්ට අගමැතිගේ ඇරයුම

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2018 19:37

ව්‍යාපාරිකයන්ට අගමැතිගේ ඇරයුම

යාපනයේ නව ව්‍යවසායකයින්ට ව්‍යාපාර ප්‍රාග්ධන වියදමින් සියයට 300 ක බදු සහන ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ග්‍රාමීය ණය රජයෙන් ගෙවා දමන වැඩසටහනක් පිළිබඳව ද යාපනයේදී හෙළි කෙරුණා. ඒ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පැවති උත්සවවලදී.

යාපනය නගර සභා ක්‍රීඩාංගනයේදී නව ව්‍යවසායකයින්ට ස්වයං රැකියා කට්ටල බෙදා දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ යාපනයේ සෑම ව්‍යාපාරිකයෙකුම සාර්ථක විය යුතු බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යාපනය දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. යාපනයේ ලංකා බැංකු , මහජන බැංකු හා ග්‍රාමීය සංවර්ධන බැංකු ශාඛාවල එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා විශේෂ කවුලු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ ව්‍යවසායකත්වය තුළින් යාපනය නගාසිටුවීමට අවශ්‍ය සියලුම සහාය ලබා දීමට වත්මන් රජය සූදානම් බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

උතුරු පළාත් ස්වෙච්ඡා ගුරුවරුන් සඳහා ස්ථිර පත්වීම් ලබා දීමේ උත්සවය යාපනය හින්දු විද්‍යාලයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ස්වෙච්ඡා ගුරුවරුන් සඳහා පත්වීම් ලබා දීම සිදුකෙරුණේ ද අග්‍රාමාත්‍යවරයා අතින්. යාපනයේ අධ්‍යාපන ක්ෂේත්‍රය නැවත නගාසිටුවීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.

(ගුරුවරුන් 457 දෙනෙකුට පත්වීම් ලබා දීමට හැකිවුණා. ඔවුන්ට ඉදිරියේදී වඩා හොඳ ජීවිතයක් ගත කරන්නට ලැබේවි. ඔවුන්ගේ ජීවිත සාර්ථක කර දීමට හැකිවීම නිසා අපට විශාල සතුටක් තිබෙනවා. පත්වීම් ලාභීනුත් ඉන්නේ විශාල සතුටකින්. කෙටි කලක් ප්‍රමාද වී හෝ මෙම පත්වීම් ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයටත් ආණ්ඩුවටත් මම මේ අවස්ථාවේදී කෘතඥතාව පළ කරනවා. ඔබගේ හිතේ තිබුණු සැකය නැති කරලා ස්ථිර පත්වීම් ලබා දීලා තියෙන්නේ. ඔබ සියලු දෙනාගේම කාර්යක්‍ෂමතාව දෙගුණ වේ යැයි කියලා මම හිතනවා.)

නියඟයෙන් පීඩාවට පත් උතුර , උතුරු මැද පළාත්වල කාන්තාවන්ට ණය මුදල් ලබා දීම යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය රජයෙන් ගෙවා දැමීමේ වැඩසටහන පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වූවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන පීඩාවට පත්ව ඇති කාන්තාවන් වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් වත්මන් රජය ක්‍රියාවට නංවන බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියාසිටියා.

අමාත්‍ය මංගල සමරවීර,

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2018 19:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්