සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශක්තිමත් අඩියක ශ්‍රී ලංකාව පසුවනවා. සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම තරගයේ තුන්වන දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 139 ක් රැස්කරගෙන සිටියා. දකුණු අප්‍රිකානුවන්ට සිය මුල් ඉනිම වෙනුවෙන් රැස් කර ගැනීමට හැකි වුණේ සියලු දෙනා දැවී ලකුණු 124 ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 338 ක් රැස්කරගත් අතර දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 5 කට ලකුණු 275 ක් රැස්කර සිටියදී පන්දුවට පහර දීමේ වාරය දකුණු අප්‍රිකානුවන්ට භාර කළා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 350 ක් ඉදිරියෙන් සිටිනවා. දග පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ දකුණු අප්‍රිකා පිතිකරණ බලඇණිය බිඳ වැටුණා.