ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතාගේ (77) තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පවසනවා.
දින ගණනාවක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කලංසූරිය මහතා මේ වනවිට රෝහලේ 17 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
පසුගියදා අමරසිරි කලංසූරිය මහතාගේ අසනීප තත්වය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.
කෙසේ වෙතත් මේ වන විට ඔහුගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බවත් නොබෝ දිනකින් ම නිවස වෙත යා හැකි බවයි තවදුරටත් වාර්තා වන්නේ.