හවායි හි කිලවායා ගිනි කන්ද විටින් විට සක්‍රිය වීම තවත් වසර ගණනාවක් පැවතිය හැකි බවට භූ විද්‍යා විද්‍යාඥයින් පවසනවා. මෙම මාසය තුළ තෙවරක් ගිනි කන්ද සක්‍රිය වී තිබෙනවා. ඉන් නිකුත්වන ලාවා මුහුදට එක්වීම ආරම්භ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නිකුත්වන ලාවා ඝනීභවනය වීම හේතුවෙන් විශාල භූමි ප්‍රදේශයක් ද නිර්මාණය වී ඇති බව සදහන්. පසුගිය මැයි මාසයේ ගිනි කන්ද ප්‍රථම වරට සක්‍රිය වීම ආරම්භ වූ අතර ඒ හේතුවෙන් නිවාස හත්සීයක් විනාශ වී තිබෙනවා. සුළු භූ කම්පනයකදී පවා මෙම ගිනිකන්ද සක්‍රිය වීමේ අවධානමක් පවතින බවටයි භූ විද්‍යාඥයින් පවසන්නේ.