පොළොන්නරුව උතුරු ඇළ ගිනිපෙට්ටි පාලමේ අලුත්වැඩියා කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා.
ගිනිපෙට්ටි පාලම , පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරව්වේ සිට ජලය ගෙන යන ප්‍රධාන ඇළ මාර්ගය වන උතුරු ඇළේ ජල පැන්නුම සහිත පාලමක් වනවා. කුඹුරු අක්කර විසිදහසකට පමණ මේ ඔස්සේ ජලය සැපයෙන අතර එය කැඩී යාමෙන් ගොවි ජනතාව මහත් දුෂ්කරතාවයකට මුහුණ දුන්නා. ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සතියක් තුළ මෙම පාලමේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරිමට පියවර ගැනුනා. ජනාධිපතිතුමා එම අලුත්වැඩියා කටයුතු පිලිබද නිරීක්ෂණය කළ අතර පාලම අලුතින් ඉදි කිරිමට කඩිනමින් සැලසුම් සකස් කරන ලෙසයි පොළොන්නරුව කලාප භාර වාරිමාර්ග අධ්යක්ෂ එස් කේ හේවාගම මහතා වෙත උපදෙස් ලබා දුන්නේ. මේ අතර පාලමේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදු නොවුනේ නම් යල කන්නයේ වී වගාව බේරා ගැනිමට නොහැකි වී රුපියල් මිලියන එක්දහස් හැටක පමණ අලාභයක් සිදු වීමට ඉඩ තිබු බව ගොවි සංවිධාන නියෝජිතයින් පවසනවා.