fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය සිනමාවේ මහා මංගල්‍යය අගෝස්තු 03 BMICHහි දී

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2018 14:12

දේශීය සිනමාවේ මහා මංගල්‍යය අගෝස්තු 03 BMICHහි දී

දේශීය සිනමාවේ මහා මංගල්‍යය සරසවි සම්මාන උළෙල අගෝස්තු මස 03 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. මෙවර සම්මාන උළෙල පවත්වන්නේ 34 වැනි වරටයි.

2016 සහ 2017 වසරවල දී තිරගත වූ චිත්‍රපට මෙම සම්මාන සඳහා සලකා බැලෙනවා. ඒ අනුව 2016 වසර සඳහා චිත්‍රපට 23ක්ද  2017  වසර සඳහා චිත්‍රපට 26ක්ද වශයෙන් ඉදිරිපත්ව තිබෙනවා.

ජනප්‍රිය නළුවා සහ ජනප්‍රිය නිළිය තේරීමේ අවස්ථාව රසිකයන්ට ලබාදී තිබෙන අතර රණතිසර සම්මානය, රණපාල බෝදිනාගොඩ සාහිත්‍ය සම්මානය සහ සරසවි ප්‍රණාම සම්මානය ද මෙහිදී පිරිනැමීමට සුදානම්.

සියලු චිත්‍රපට තරගකාරී අංශ 24ක් සඳහා තරගවදින අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් සම්මානය ආධුනික සිනමාකරුවෙකුට ලබාදීමට නියමියි.

විනිශ්චය මණ්ඩලය තෝරන සම්මානවලට හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා/ නිළිය, හොඳම සහාය නළුවා/ නිළිය, හොඳම තිර රචනය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම වේශ නිරුපණය ,හොඳම ගීත රචකයා, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම නැගී එන නළුවා/ නිළිය සහ කුසලතා සම්මාන 06ක් ඇතුලත්

තව දින 11කින් හෙළයේ තරු රටා මවන දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යයයේ ආලෝකයෙන් BMICH ආලෝකමත් වනු ඇති.

 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2018 14:12

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්