1990 සුවසැරිය ගිලන් රථ සේවාව රට පුරා ව්‍යාප්ත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී අද (21) සිදුකෙරුණා. 1990 සුවසැරිය ගිලන් රථ සේවාව දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රථම අදියර ආරම්භ කිරීමත් සමග ගාස්තු රහිත පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ගිලන් රථ සේවාව මෙම වසර අග වන විට දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීමට නියමිතයි.
ඉන්දීය රජය ලබා දුන් ඇමෙරිකා ඩොලර් මිලියන 7යි දශම හතයි පහක ආධාර මුදල් ප්‍රයෝජනයට ගනිමින් මීට වසර දෙකකට පෙර 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කෙරුණා. ඒ දකුණු සහ බස්නාහිර යන පළාත් කේන්ද්‍ර කර ගනිමින්. මේ වන විට ඒ සඳහා ජනතාවගේ ඉමහත් ප්‍රසාදයක් හිමිව තිබෙනවා. පළමු අදියරේ සාර්ථකත්වය සැළකිල්ලට ගනිමින් මෙම සේවාව දිවයින පුරාම ව්‍යාප්ත කිරීම සඳහා ඉන්දීය රජය තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 15 යි දශම දෙකක ආධාර මුදලක් ලබා දුන්නා. පළමු අදියර යටතේ දකුණ හා බස්නාහිර පළාත්වල ගිලන් රථ 88 ක් ක්‍රියාත්මක කළ අතර තවත් ගිලන් රථ 209 ක් අලුතින් එක් කරමින් මෙම සේවාව ව්‍යාප්ත කෙරෙනවා.
ඒ අනුව දිවයින පුරා 1990 ගිලන් රථ 297 ක් ක්‍රියාත්මක කරනු ඇති. එමෙන්ම සුවසැරිය කාර්ය මණ්ඩලය 1998 දෙනෙකු දක්වා ඉහළ යනවා. යාපනයේ අද පැවති උත්සවයේදී අදහස් දැක්වූ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා කියාසිටියේ ශ්‍රී ලංකා රජය සමග ඉදිරියටත් ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දීය රජය බලාපොරොත්තු වන බවයි.
ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු,
[ot-video type=”youtube” url=”https://youtu.be/qtfEhD2zdDI”]
(ඉන්දියාව සෑම විටකම කැපවී සිටිනවා ජනතාව ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවට උදව් කරන්න. ඉන් එකක් තමයි මෙම සාර්ථක ගිලන් රථ සේවය. ඉන්දියාව බලාපොරොත්තු වනවා ශ්‍රී ලංකාව සමග ඉතාමත් සහයෝගයෙන් හා විශ්වාසයෙන් ඉදිරියටත් කටයුතු කරන්න.)
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/5zbU7b4_A4g”]
(මේ ජීවිත බේරා ගැනීමේ සේවය අති විශිෂ්ටයි. එය විස්මිතයි. මෙය සෑම කෙනෙකුටම ඉතා උපකාරි වනවා. මම සඳහන් කළ යුතුයි අපේ 1990 හදිසි ඇමතුම් අංශයට මේ වන විට ඇමතුම් හයලක්ෂ අටදහසකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා. දුරකථන ඇමතුමක් ලැබී තත්පර දෙකක් වැනි සුළු කාලයකින් එයට පිළිතුරු සැපයීමට අපේ සේවක මණ්ඩලය ක්‍රියා කරනවා. මෙය තමයි රටේ තිබෙන කාර්යක්ෂම දුරකථන සේවය. අපි දැන් මෙම සේවය තවත් වර්ධනය කරන්න යනවා. මේ වගේ කාර්යක්ෂම ගිලන් රථ සේවයක් දියුණු රටවලත් දකින්න නැහැ. අතීතයේ මෙම සේවාව අපි ක්‍රියාත්මක කරන්න හදපු අවස්ථාවේ බොහෝ දෙනා අපට දොස් කිව්වා. ඇතැම් වෛද්‍යවරුන් , දේශපාලනඥයින් පවා අපට දොස් නැගුවා. ඒත් දැන් ඒ සෑම දෙනාම මෙම සේවාව ගැන ප්‍රශංසා කරනවා. අපේ රජයටත් මෙය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හොඳ කියනවා. මොකද මෙම සේවාව මගින් ජීවිත රැසක් බේරාගෙන තිබෙන නිසා.)
අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ නිදහස් රෝහල් පද්ධතියක් තිබෙන ශ්‍රී ලංකාවේ දැන් නිදහස් ගිලන් රථ සේවයක් ද ක්‍රියාත්මක වන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/eDQ1Htrae_Y”]
(ඉන්දීය රජය අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති රැසකට උදව් වනවා. ඒ සියල්ලටම මම ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. මම හිතන්නේ නැහැ ලෝකේ කිසිම රටකට අප රටවල ඇති සහයෝගීතාවට සමාන සහයෝගීතාවක් ගොඩනගා ගැනීමට පුළුවන් වෙයි කියලා. ඇත්තටම ඉන්දීය අගමැතිතුමනි මම ඔබට සුබපතනවා ඊයේ ඔබට විරුද්ධව ගෙනා විශ්වාසභංගය පරාජය කිරීමට ලැබීම ගැන. ඇත්තටම මටත් ඔය වගේ විශ්වාසභංගයක් ගෙනාවා. එයත් පැරදුණා.)
මෙම උත්සවයේදී චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8G7bKh2gim8″]
(මම සතුටු වෙනවා මට මේ අවස්ථාවට එක්වෙන්න ලැබීම හා මෙම ගිලන් රථ සේවය ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න ලැබීම ගැන. මෙය ඉන්දීය ශ්‍රී ලංකා සහයෝගීතාව මැනවින් පෙන්වන තවත් එක් ව්‍යාපෘතියක්. මගේ පෞද්ගලික මිත්‍රයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා සමග මෙසේ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැනත් මම සතුටු වෙනවා. ඉන්දියාව සෑම විටම සතුටු වෙනවා දීප්තිමත් අනාගතයක් සඳහා ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කරන්න. හොඳ නරක සෑම අවස්ථාවකම ඉන්දියාව ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ක්‍රියාත්මක වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා රජය ශ්‍රී ලාංකිකයින්ට සුබදායී අනාගතයක් නිර්මාණය කරන්න ක්‍රියාත්මක වනවා. ඊට අවශ්‍ය සෑම උපකාරයක්ම කිරීමට ඉන්දියාව සූදානමින් සිටිනවා. මම ශ්‍රී ලංකාව දිහා බලන විට එය අසල් වැසියෙක් විතරක් නෙවෙයි. මම ශ්‍රී ලංකාව දකින්නේ ඉන්දීය සාගර පවුලේ ඉන්දියාවේ හිත මිතුරුම විශ්වාසවන්තම සගයා ලෙසයි.)
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/37568272_10212584100103384_5150301258380214272_n.png”]