fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එල්ලුම්ගහ අනිවාර්යයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2018 18:38

එල්ලුම්ගහ අනිවාර්යයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණිය දණ්ඩනය ලබා දිමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කලේ චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද රෝහලේ ඉදිකිරිම් පොළොන්නරුවේදී ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින්.

වකුගඩු රෝගයෙන්  පිඩා විදින ජනතාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ  ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ පරිත්‍යාගයක් ලෙස ඉදි කෙරෙන දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලේ ඉදි කිරිම් අද (21) ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළා. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන දොළොස්දහසක්. මාස විසි හතරක් තුළ ව්‍යාපෘතියේ කටයුතු නිම කිරිමට නියමිත අතර ඒ අනුව 2020 ජුලි මාසයේදී රෝහලේ ඉදිකිරිම් කටයුතු නිම කෙරෙනු ඇති.

ඉදිකිරිම් ආරම්භ කිරිමට අදාළ සමරු පලකය විවෘත කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. මෙම උත්සවයේදී රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණිය දණ්ඩනය ලබාදීම පිලිබද රජය ගත් තීන්දුව නවතා දමා ඇති බවට ඉරිදා ජාතික පුවත්පතක පලවු ප්‍රවෘත්තියක් පිලිබදව අදහස් පළ කළා. එහිදි ජනාධිපතිතුමා අවධාරණය කළේ කුමන අන්දමේ විරෝධතා මතු වුවද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමේ කටයුතු ඉදිරියටම ගෙන යන බවයි.

උතුරුමැද පළාතේ පමණක් නොව රටපුරා විසිරි තිබෙන වකුගඩු රෝගීන්  වෙනුවෙන් ඉදිකෙරෙන චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වෘක්කවේද රෝහල ලොව නවීනතම පරික්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම් වලින් සමන්විත වනවා. රෝගින් වෙනුවෙන් ඇදන් දෙසියක වාට්ටු සංකීර්ණයක්, රුධිර කාන්දුකරන යන්ත්‍ර සියයකින් සමන්විත භාහිර රෝගි ප්‍රතිකාර ඒකකයක් ඇතුළු පහසුකම් රැසක්ද මෙම රෝහලට ඇතුළත්. විශේෂිත වෘක්ක රෝගි සායන සංකීර්ණය  හා වෘක්ක බද්ධ කිරිමේ සේවාව සදහා අවශ්‍ය නවීන ශල්‍යාගාර හයක්ද මෙහි ඉදිකෙරෙනවා. ආසන දෙසියකින් සමන්විත නවීන ශ්‍රවණාගාරයක් හා වාහන තුන්සියක් ගාල් කළ හැකි රථ ගාලක්ද මෙම රෝහල් සංකීර්ණයට අයත්.  ඔස්ට්‍රේලියානු මුල්‍ය ආධාර යටතේ සියලු පහසුකම් සහිත ගිලන්රථ සියයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර එය සෞඛ්‍ය අමාථ්‍යවරයා වෙත භාර දීම සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්. චෙස් ක්‍රීඩාවට දක්ෂතා දක්වන දිඹුලාගල විලයාය ප්‍රාථමික විද්‍යාලයේ  දෙවන වසරේ ඉගෙනුම ලබන වෙනුලි ලෙහන්සා දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන්  රුපියල් ලක්ෂ පහලොවක මුල්‍ය පරිත්‍යාගයක්ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2018 18:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්