fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජීවිත ප්‍රහේළිකාව පුරවන puzzle ළඟදීම

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2018 17:08

ජීවිත ප්‍රහේළිකාව පුරවන puzzle ළඟදීම

ජීවිතයේ රාමු අතරට කොටු වී සිටින මැදිවියේ පසුවන්නන්න්ගේ කතා පුවතක් තේමා කරගත් puzzle ඇමෙරිකානු සිනමාපටය මාර්ක් මර්ටිල්ටොබ් ගේ අධ්‍යක්ෂණයක්. මෙම සිනමාපටය මේ මස 27 සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමටයි කටයුතු සුදානම් කර ඇත්තේ.මෙය 2010 දී තිරගත වූ අජන්ටිනා සිනමාපටය පාදක කරගෙන නිර්මාණය වූවක් බවයි puzzle අධ්‍යක්ෂවරයා පවසන්නේ.

සම්මානනීය රංගන ශිල්පිනී කෙලි මැක්ඩොනල්ඩ් මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය සපයයි. ඇය සමඟ  මීට රංගනයෙන් දායකත්වය සපයන්නේ ඉන්දීය සම්මානනීය රංගන ශිල්පී ඉර්ෆාන් ඛාන් ය. ඔහු සිය රෝගී තත්ත්වය මතුවීමට පෙර රඟපෑ අවසන් සිනමාපටය මෙයයි.puzzle වෙත සංගීතය අධ්‍යක්ෂණය සපයන්නේ ඩස්ටන් හැලොරින් විසිනි.

ජීවිතය යනු ප්‍රහේළිකාවකි. එකම දේ දිගටම කිරීම නිරස ය.නමුත් එකම දේ නව විෂයකින් යුතුව  නැවුම් පුදුම සහගත දෙයක් කර ගැනීමේ වටිනාකම puzzle සිනමාපටය රසිකයන්ට කියාදෙයි. මේ අපූරු නිර්මාණය මෙරට ප්‍රේක්ෂයන්ට ද අපූරු රසවින්දනයකින් යුතු නිර්මාණයක් වනු ඇත.

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2018 17:08

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්