දකුණු අප්රිකා කණ්ඩායම හා ශ්රී ලංකාව අතර කොළඹ එස්එස්සී ක්රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය නිමාවන විට සිය දෙවන ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 151 ක් ලබා ගත්තා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 61 ක් හා නොදැවී ක්රීඩා කරන දිමුත් කරුණාරත්න ලකුණු 59 ක් රැස් කළා. ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා ලබා ගත් ලකුණු 338 ට පිළිතුරු වශයෙන් දකුණු අප්රිකා කන්ඩායමට සිය පළමු ඉනිම සදහා ලබා ගත හැකි වුයේ ලකුණු 124 ක් පමණයි. එහිදි පිතිකරුවන් හත්දෙනෙකුම ලකුණු දහයට අඩුවෙන් දවා ගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
විශිෂ්ඨ දග පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය දකුණු අප්රිකා පිතිකරුවන් පස් දෙනෙක් ක්රීඩාගාරයේ ප්රේක්ෂකයන් බවට පත් කළා. ඔහුට අනගි සහයක් දෙමින් දිල්රුවන් පෙරේරා කඩුලු හතරක් දවා ගත්තා. ශ්රි ලංකා දගපන්දු යවන්නන් ඉදිරියේ දකුණු අප්රිකා පිතිකරුවන් දැඩි පීඩනයකට ලක්වුණා. දිනය අවසානයේදී දෙවෙනි ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා ක්රීඩකයින් දකුණු අප්රිකාවට වඩා ලකුණු 365 ක් ඉදිරියෙන් සිටිනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/278566.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/i-4.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/278571.jpg”]