රුපියල් කෝටි හයහමාරක් පමණ වටිනා එතනෝල් අඩංගු බැරල් 50 ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරාබදු අධිකාරියේ විශේෂ මෙහෙයුම් ඒකකය සිදු කළ වැටලීමකදී මෙම එතනෝල් තොගය ඊයේ (20) රාත්රියේ අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. වරායෙන් නීති විරෝධී ලෙස ලබා ගන්නා ලද එතනෝල් ප්රවාහනය කරමින් සිටියදී ජාඇල වැලිගම්පිටිය ප්රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ ලොරි රථයක් හා මෝටර් රථයක් ද සමගයි. එහිදී එතනෝල් බැරල් 15 ක් ද අත්අඩංගුවට ගැනුණා.
මේ අතර ඔවුන්ගෙන් සිදු කළ ප්රශ්න කිරීම්වලදී පන්නල මාකඳුර ප්රදේශයේ තිබී තවත් එතනෝල් බැරල් 35 ක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. සැකකරුවන් මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.