කතරගම ඇසල පෙරහර මංගල්‍යය වෙනුවෙන් අද (21) සිට විශේෂ ප්‍රවාහන සේවා කි‍්‍රයාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. කොළඹ කොටුවේ සිට මාතර දක්වා අමතර දුම්රිය සේවා කි‍්‍රයාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නෙ. ඒ බස්රථ සමඟ ඒකාබද්ධ සේවයක් ලෙසින්. කොළඹ සිට මාතර දක්වා දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ට මාතර සිට කතරගම දක්වා ගමන් ගැනීමට ප්‍රමාණවත් ලංගම බස් රථ යොදවා ඇති බවයි ජාතික ගමනා ගමන මණ්ඩලයේ මෙහෙයුම් අධිකාරි සනත් වල්ගම්පාය මහතා සදහන් කළේ.