fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන් බිස්කට් 28ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2018 11:26

රන් බිස්කට් 28ක් අත්අඩංගුවට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පරිශ්‍රයේ තිබී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් රන් බිස්කට් 28 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපොල පරිශ්‍රයේ පානීය ජල ෆිල්ටරයක් අසල පාර්සලයක තිබියදීයි මෙම රන් බිස්කට් තොගය හමුව තිබෙන්නේ. ගුවන්තොටුපොල තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු එම පාර්සලය දැක රේගුව වෙත භාරදී ඇති බව සදහන්.

රන් බිස්කට් තොගයේ බර කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 248 ක් පමණ වනවා. ඒවායේ වටිනාකම රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයක් පමණ වන බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇති බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2018 11:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්