අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් ආනයන අපනයන දෙපාර්තමේන්තු පාලකවරයා අධිකරණය හමුවට අද ඉදිරිපත් කෙරෙනවා. ඔහුට එරෙහිව අධිකරණය හමුවේ අද චෝදනා ගොනු කරන බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. ඒ වැලිගම ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදල් ලබාගැනීම හේතුවෙන්.
න්නිපිටිය ප්‍රදේශයේ දි ඊයේ පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම සදහන් කළා. වසර දහයක් පැරණි වාහන දෙකක් ජපානයේ සිට ආනයනය කිරිම සදහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරිමට අදාලවයි ආනයන අපනයන පාලකවරයා මෙම අල්ලස් මුදල ලබාගැනිමට උත්සාහ කර තිබෙන්නෙ.