සෑම දිනකම අලුතින් මුඛ පිළිකා රෝගින් 6දෙනෙකු ශ්‍රී‍්‍ර ලංකාවෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මුඛ පිළිකා හේතුවෙන් දිනකට 3න් දෙනෙකු මියයන බවත් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙනවා. පාසල් ළමුන් අතර දුම්කොළ සහ පුවක් ආශි‍්‍රත නිෂ්පාදන සිීඝ්රයෙන් ව්‍යප්ත වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.
වාර්ෂිකව ශ්රී්රලංකාවෙන් හමුවන මුඛ පිළිකා රෝගින්ගේ සංඛ්‍යාව 2000ක්. එය පිළිකා රෝගින්ගෙන් 11% ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. පසුගිය වසර පහක දත්ත අනුව සැසඳීමේදි මෙය 40% වැඩිවීමක්. මුඛ පිළිකා පාලනය කිරිම සදහා විශේෂ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කළේ.