fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභයට නොතීසි

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2018 15:33

ගෝඨාභයට නොතීසි

රුපියල් මිලියන අසූ එකයි දශම තුනක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරුණා.

සැප්තැම්බර් මස 7 වනදා විත්තිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නොතීසි නිකුත් කාළේ. ඒ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි. ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ මුදල් මෙසේ සාවද්‍ය පරිහරණය කළ බවටයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ.

මෙම ඉදිකිරීම් සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ලෙසට වාර්ෂික ඉල්ලීමක් කර ඇති බවට පරීක්ෂණ වලින් තහවුරු වන්නේ යැයි පොලීසිය මීට පෙර අධිකරණයට දන්වා තිබුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2018 15:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්