fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෘෂි බෝග අපනයන කරුවන් සදහා උපරිම සහන

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2018 11:54

කෘෂි බෝග අපනයන කරුවන් සදහා උපරිම සහන

කෘෂි බෝග අපනයන කරුවන් සදහා උපරිම සහන ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අපනයන හා ආනයන කරුවන් පිරිසක් හමුවූ අවස්ථාවේදීයි ඒ මහතා මේ බව සදහන් කළේ. අපනයන කරුවන් මුහුණ දෙන ගැටලු අමාත්‍යවරයා වෙත මෙහිදී ඉදිරිපත් කෙරුණා. රටේ පවතින යල්පැනගිය නීති රීති හා චක්‍රලේඛ හේතුවෙන් අපනයනයේ දී ගැටලු රැසක් ඇතිවන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

ආනයනික පලතුරු සීමා කිරිමට නව නීති රීති හදුන්වාදෙන බව අමාත්‍යවරයා සදහන් කළා. අත්හැර දමා ඇති ඉඩම් නැවත වගාව සදහා යොදා ගැනීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2018 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්