fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටෙස්ට් ක්‍රිකට් වාර්තා අලුත් වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2018 13:07

ටෙස්ට් ක්‍රිකට් වාර්තා අලුත් වෙයි

කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩා පිටිය අද (20) වාර්තා අතරට එක්වුණේ ආසියාවේ වැඩිම ටෙස්ට් ක්‍රිකට් තරග සංඛ්‍යාවක් පැවැත්වූ ක්‍රීඩාංගනය ලෙසයි. කොල්කටා ඊඩන් ගාර්ඩන් ක්‍රීඩාංගනය හා කරච්චි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය මීට පෙර මෙම වාර්තාවට සම සේ හිමිකම් කියූ ක්‍රීඩාංගනයි. මෙම ක්‍රීඩාංගන දෙකේ ටෙස්ට් ක්‍රිකට් තරග 41 බැගින් පවත්වා තිබෙනවා. කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩා පිටියේ මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකාව අතර තරගය මෙම ක්‍රීඩා පිටියේ පැවැත්වෙන 42 වන ටෙස්ට් ක්‍රිකට් තරගයයි. ලොව වැඩිම ටෙස්ට් ක්‍රිකට් තරග සංඛ්‍යාවක් පැවැත්වූ ක්‍රීඩාංගනය වන්නේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩා පිටියයි. එහි මේ වනවිට පවත්වා ඇති තරග සංඛ්‍යාව 136 ක්.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2018 13:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්