වලසෙකු පහරදිමෙන් බරපතල තුවාල ලැබු යුධ හමුදා සෙබළෙක් මුලතිව් රෝහලට ඇතුලත් කර තිබෙනවා. මුලතිව් තන්නිමුරිප්පු රක්ෂිත ප්‍රදේශයේදි පහරදිම සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
අසල කඳවුරක සේවයේ යෙදී සිටි සෙබළා කිසියම් අවශ්‍යතාවක් සදහා කැලෑවට ගොස් තිබෙනවා. එහිදි එක්වරම කඩා වැදුණු වලසා යුධ හමුදා සෙබළාට පහරදි ඇති බවයි හෙළිවුණේ. ඉන් ඔහුගේ හිසට සහ මුහුණට බරපතල තුවාල සිදුව ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.