LK Domain Registry ආයතනය වාර්ෂිකව සංවිධාන කරන හොදම ශ්‍රී ලාංකීය වෙබ් අඩවි සදහා වන සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වුණා.
මෙම සම්මාන උළෙල කොළඹදී පැවැත්වුණේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතාගේ ප්‍රධානත්වයෙන්. LK Domain Registry ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ගිහාන් ඩයස් මහතා ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. මෙම සම්මාන උළෙලේ විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ITN මාධ්‍ය ජාලයයි. මෙහිදී මාධ්‍ය, ක්‍රීඩා හා විනෝදාස්වාද අංශයේ කුසලතා සම්මානය ITN ආයතනයේ www.itntv.lk වෙබ් අඩවියට හිමිවුණා.