ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ලසිත් මාලිංගගේ අවසන් තරගාවලිය බවට ගෙනයන ප්‍රචාර අසත්‍ය බව ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සදහන් කරනවා.
ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකාව අතර තරග පහකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 29 වනදා ආරම්භ වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමුගන්නා බවට පැතිරයන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්රැහැම් ලැබ්රෝයි මහතා අයිටිඑන් ප්රවෘත්ති අංශයට කියා සිටියා. ලබන සතියේ මාලිංග සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එය ඔශුගේ සමුගැනීම සම්බන්ධ සාකච්ඡාවක් නොවන බව ද තේරීම් කමිටු සභාපතිවරයා පැවසුවා.
ජාතික ක්‍රිඩා ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන ලෙස නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=N45O2irvxBY&feature=youtu.be”]