පසුගිය රාජපක්ෂ පාලනයෙන් අල්ලස් ලබාගත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකුට දින 30ක පාර්ලිමේන්තු තහනමක් පනවා තිබෙනවා.
කණිෂ්ඨ ඉයන් පේස්ලි මන්ත්රිවරයාටයි මෙම දඩුවම පනවා ඇත්තේ. රාජපක්ෂ පාලනයේ වියදමින් රුපියල් දෙකෝටියකට අධික වටිනාකමකින් යුතු සුඛෝපභෝගී නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවුණා. එම චෝදනාවලට අදාළ මන්ත්‍රිවරයා වැරදිකරු බවට තීරණය වීමෙන් පසුයි මෙම පාර්ලිමේන්තු තහනම පනවා ඇත්තේ.
ඔහු රාජපක්ෂ පාලනයේ වියදමින් සිය දරු පවුල සමග 2013 වසරේදී නිවාඩුවක් ගත කිරීම සදහා දෙවරක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එම අයථා ක්‍රියාව පිළිබද මහාබ්‍රිතාන්‍යයේ (ද ටෙලි ග්රාෆ්ට්) පුවත් පත හෙළිදරව් කළා. පසුගිය වසර 15ක කාලය තුළ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකුට පනවන ලද දීර්ඝතම තහංචිය මෙය බවයි බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය සදහන් කරන්නේ.