fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවකයන් 166,000ක් ලෙඩ්ඩු

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 17:14

රාජ්‍ය සේවකයන් 166,000ක් ලෙඩ්ඩු

රාජ්‍ය සේවකයන් 166,000ක් බෝ නොවන රෝගවලට ගොදුරු වී ඇතැයි  ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරනවා. එම සංඛ්‍යාව මෙරට සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් ප්‍රතිශතයක් ලෙස ගත්විට 14.5%ක්.

මෙරට සමස්ත රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 1,141,472කි.එම සංඛ්‍යාෙවන් 6,31,979ක් පුරුෂයන් වන අතර 509,493ක් කාන්තාවන් වේ.

ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයෙන් පෙන්වා දෙන්නේ සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් 64,946ක් දිවැඩියාව රෝගයෙන් පීඩාවිඳින අතර ඉන් 42,352ක් දෙනා පිරිමින් වන බවයි. අධිරුධිර පීඩනය රෝගයෙන් පෙළෙන සංඛ්‍යාව 59,247ක් වන අතර සේවකයෝ 5,156ක් වකුගඩු රෝගාබාධ වලට ලක්ව සිටිනවා. ඇදුම රෝගයෙන් පෙළෙන සේවකයින් සංඛ්‍යාව 18,987ක්. පිළිකා රෝගයට ගොදුරු වී සිටින සංඛ්‍යාව 2,724ක් වන අතර හෘද රෝගවලින් පෙළෙන සංඛ්‍යාව 15,478ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 17:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්