ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත දෙකක හටගෙන තිබෙන ලැව් ගින්නෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.ඔරිගන් ප්‍රාන්තයේ මධ්‍යම ප්‍රදේශයේ ඇතිවූ ලැව් ගින්නෙනුයි පුද්ගලයෙකු මියගියේ. ඔහු ගින්න මැඩපැවැත්වීමට ගත් උත්සාහයකදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.
මේ අතර කැලිෆෝනියාවේ ලැව්ගිනි තත්ත්වය මැඩලීමට ගිය ගිනි නිවන භටයන් දෙදෙනෙකු ද පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. ඇතිවූ ගින්නෙන් අක්කර දහසක් පමණ විනාශ වී ඇති බව සදහන්.