fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කළු ගඟ රන් දියවර මංගල්‍යය 23වනදා

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 16:55

කළු ගඟ රන් දියවර මංගල්‍යය 23වනදා

මෙරට මහා වාරි විස්මිතය ලෙස ඉතිහාසයට එක්වන මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ  කළු ගඟ ජලාශයේ රන් දියවර රැස් කිරීමේ මහා මංගල්‍ය ලබන විසිතුන්වනදා සිදු කෙරෙනවා. දිවයිනේ පළාත් හතරක යළමහ දෙකන්නයේ වගා කිරීමට මෙතෙක් පැවති ජල ගැටලුවට මෙම වාරි සංග්‍රාමය හරහා විසදුම් ලැබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කළු ගඟ ජලාශයේ දියවර රැදවුම් උත්සවය ලග්ගල කළු ගඟ වේල්ල අසල දී පැවැත්වෙනවා.

මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය මගින් මහ ඇළ ව්‍යාපෘතිය සඳහා ද දෙකන්නයටම වගා කිරීමට අවශ්‍ය ජලය හිඟයකින් තොරව ලබා දීම අරමුණයි. ඒ තුළින් හුරුළු වැව, මානන්කට්ටිය, ඒරු වැව, නාච්චාදූව හා තිසාවැව හරහා ලොකු කුඩා වැව් 1200ක් පමණ  පෝෂණය කෙරෙනවා. මහකනදරාව දක්වා වූ ඇළ මාර්ගයේ පළමු අදියරේ දි කිලෝමීටර් 96ක් දිග ඇළක් මඟින් ජලය බෙදා හැරෙනවා. එම වාරි ඇළේ උමං මාර්ගය කිලෝමීටර් 28ක්. මහ ඇළ ව්‍යාපෘතිය මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වනවා. කළු ගඟ ජලාශය අක්කර අඩි හය ලක්ෂ හැට දහසක ජල ධාරිතාවකින් යුක්තයි.  මොරගහ කන්ද කළු ගඟ උමං ජල මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද ලබන විසිතුන්වනදා ඇරඹෙනවා.

රුපියල් කෝටි විසිතුන් දහසක් යොදවමින් ක්‍රියාත්මක මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය තුළින් ධීවර ක්ෂේත්‍රයේ  මෙන්ම විදුලිබල නිෂ්පාදනයේ ද නව වෙනසක් සිදුවනු ඇති. එමෙන්ම මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ද වනවා.

කළු ගඟ ජලාශය ඉදිකිරීමත් සමග ලග්ගල පල්ලේගම ජනතාවට වෙනත් නගරයක පදිංචි කරවීමේ කටයුතු දැන් සිදුවනවා. එමෙන්ම මෙම ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමිවූ සියලු දෙනාට පහසුකම් සහිත නව නිවාස  ඉදිකිරීම ද විශේෂත්වයක්.

අමාත්‍ය මහින්ද අමරවීර,

ලබන විසිතුන්වනදා කළු ගඟ ජලාශයට ජලය පිරවීමට ප්‍රථම එය දැකබලා ගැනීමට ජනතාවට අවස්ථාව උදාකර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක,

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 16:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්