ෆර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන අය ලබන මස 2 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අර්ජුන් ඇලෝසියස් යන අයට අයත් බව කියන දුරකතන තුනක් සහ සිම්පත් පහකට අදාළ වාර්තා මෙතෙක් ලැබී නැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට අද(19) දැනුම් දුන්නා. මේ අතර මෙම සැකකරුවන් දෙදෙනාට අද (19) දහවල් ආහාරය බන්ධනාගාරය මගින් ලබා දී නැති බව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නා. එහිදී බන්ධනාගාර නිලධාරීන් කැද වූ මහේස්ත්‍රාත්වරිය ඔවුන්ට දැඩිව අවවාද කළා. අර්ජුන් ඇලෝසියස් යන අයගේ බිරිද බන්ධනාගාරයට යන අවස්ථාවලදී බන්ධනාගාර නිලධාරීන් ඇයට බාධා වන අයුරින් කටයුතු කරන බව ද විත්තියේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා