මහාචාර්යවරයෙකු,බස්නායක නිලමේවරයෙකු, සාමවිනිසුරුවරයෙකු ආදී විවිධ නිල දරණ බවට ව්‍යාජ ලෙස පෙනී සිටීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වූ බව කියන සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. විවිධ තනතුරු දරණ බවට ව්‍යාජ ලිපි ලේඛනද මොහු සතුව තිබූ බව පොලීසිය පවසනවා. පූනාගල විදානලාගේ මංජුල ප්‍රසන්න නමැති මෙම සැකකරු මහාචාර්ය එම් පී ජයවර්ධන අත්තනායක යන නමින් පෙනී සිටිමින් සැකසූ ව්‍යාජ ලිපි ලේඛන රැසක්ද ඒ අතර වනවා. දිවයිනේ නම ගිය අපරාධකරුවෙකු ලෙස නම් කර ඇති මෙම පුද්ගලයා මීට පෙර ද මෙම වැරදි සදහාම අධිකරණය මගින් වැරදිකරු වී දඩුවම් ලැබූ පුද්ගලයෙකු බව ද පොලීසිය පවසනවා.