කොළඹ ආශ්රිත ප්රදේශ කිහිපයකට හෙට(20) රාත්රී නවයේ සිට පැය නවයක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්රකාශ කළා. බේස්ලයින් පාරේ කැලණි පාලම මංසන්ධියේ සිට දෙමටගොඩ මංසන්ධිය දක්වා ප්රධාන මාර්ගය හා ඊට සම්බන්ධිත අතුරු මාර්ග එම ප්රදේශවලට ඇතුලත්. හෙට්ටිවිදීය සහ සියලු අතුරු මාර්ග මෙන්ම කොළඹ 13,14,15 යන ප්රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවන බවයි මණ්ඩලය සදහන් කළේ. ඊට අමතරව පිටකොටුව ප්රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමටයි නියමිත.

කොළඹ ප්රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි
කියවීමට මිනිත්තු 1