fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රාලය යුදෙව් රාජ්‍යයක් ලෙස හැදින්වීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 14:48

ඊශ්‍රාලය යුදෙව් රාජ්‍යයක් ලෙස හැදින්වීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

ඊශ්‍රාලය යුදෙව් රාජ්‍යයක් ලෙස හැදින්වීමට අදාළ පනත් කෙටුම්පත සදහා එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා. සම්මත කර ගත් පනත අනුව ඊශ්‍රායලයේ යුදෙව් රාජ්‍යයක් ලෙස ඉදිරියේදී හැදින්වෙන අතර අරාබි බසට මෙතෙක් නිල භාෂාවක් වශයෙන් පැවති තත්ත්වය ද පහත වැටෙනවා. ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නව පනතෙන් නම් කර තිබෙනවා.

යුදෙව් ජනාවාස ඉදිකිරීම ජාතික අවශ්‍යතාවක් බවද නව පනතෙන් අවධාරණය කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. පනතට පක්ෂව ජන්ද හැට දෙකක් හිමිවූ අතර විපක්ෂව හිමිවුයේ ඡන්ද පනස් පහක්. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සදහන් කර ඇත්තේ ඊශ්‍රායලය යුදෙව්වන්ගේ නිජ බිම වන අතර එහි අයිතිය ඔවුන් සතු විය යුතු බවයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 14:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්