මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය හිගයට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් එම රෝහල ඉදිරිපිට දී පැවැත්වුණා. රෝහලේ වෛද්‍ය හිගය හේතුවෙන් නේවාසික රෝගීන් දික්ඔය මූලික රෝහලට මාරු කර යැවීමටද කටයුතු කර තිබෙනවා.
මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන මස්කෙළිය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා දිනපතා රෝගීන් දෙසීයකට ආසන්න පිරිසක් බාහිර රෝගී අංශයට පැමිණෙන බව වාර්තා වනවා. එහෙත් රෝහලේ වෛද්‍ය හිගය හේතුවෙන් මස්කෙළිය හා අවට විශාල පිරිසකට සිය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වි තිබෙනවා. මාස තුනක් තිස්සේ පවතින වෛද්‍ය හිගය මගහරවා දෙන ලෙස ඉල්ලමින් මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් උද්ඝෝෂණයක් රෝහල අභියසදී පැවැත්වුණා.