ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විශාල පරිමාණ හා මධ්‍ය පරිමාණ ජලාශයන්හි පාවෙන සූර්ය බල විදුලි උත්පාදනය කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ඒකපුද්ගල විදුලි පරිභෝජනය වැඩි වීමත් සමග අනාගතයේ දී විදුලි සැපයුම පිළිබඳ කථිකාවක් ඇතිව තිබෙනවා. පොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් දැරිය නොහැකි විදේශ විනිමය වැය කිරීමට සිදුවීම මෙන්ම පරිසරයට අහිතකර වීම ද ගැටලුවක්.
මේ හේතුවෙන් සූර්ය සහ සුළං බලය, බලශක්ති නිෂ්පාදනය, අනාගත බලශක්ති අර්බුධයට ප්‍රධාන විකල්පයක් වනවා. ඒ අනුව මෙරට ප්‍රථම සූර්ය බලශක්ති පද්ධතිය පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා. මේ සඳහා ජපානයේ තාක්ෂණය යොදා ගැනීම විශේෂත්වයක්. ඇමෙරිකාව, ජපානය, ඉතාලිය, සිංගප්පූරුව ඇතුලු රටවල් රැසක් මේ වන විටත් පාවෙන සූරිය බලශක්ති උත්පාදන ක්‍රමවේදය භාවිත කරන අතර පරිසර හානිය අවම මට්ටමක පවත්වාගත හැකි වනවා.
මේ පිළිබඳ සොයා බැලීමට ජපානයේ කයිසෙයිල් ප්ලෑනින්ග් සමාගමේ නිලධාරීන් පිරිසක් මෙරට සංචාරයක ද නිරත වුණා. විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය ඇතුලු රාජ්‍ය ආයතන රැසක් මේ සඳහා දායකත්වය ලබා දෙනවා.