ගජමුතු ලඟ තබාගත් පුද්ගලයන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. ඒ මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ දී. ඔවුන් ලඟ තිබී මිලි ග්‍රෑම් පන්දහස් තිහක් බර ගජමුතු එකක් සොයා ගැනීමට හැකි වුණා. සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.