fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිව්යෝර්ක්ස් ටයිම්ස් කළ හෙලිදරව්ව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 10:27

නිව්යෝර්ක්ස් ටයිම්ස් කළ හෙලිදරව්ව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

හම්බන්තොට වරාය ව්‍යාපෘතියට චයිනා හාබර් සමාගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 ක මුදලක් අයථා ලෙස ලබාදී ඇති බවට නිව්යෝර්ක්ස් ටයිම්ස් පුවත්පත කළ හෙලිදරව්ව සමබන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වෙනවා.

නිව්යෝර්ක්ස් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්වෙන් අනතුරුව එහි වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ මෙරට සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් මැදිහත් වූ චයිනා හාබ(ර්) සමාගමේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ ගිණුමකින් මෙම මුදල් ලබා දී ඇති බවයි. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් චීන සමාගම වෙත ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා ක්‍රියාකිරීම නිසා ඔහු සංතෝශයට පත්කිරීමට මුදල් ලබා දුන්නේ ද යන්න පිළිබඳ එම පුවත් පත සැකපළ කර තිබෙනවා.  හම්බන්තොට වරාය ව්‍යාපෘතිය අසාර්ථක මෙන්ම අධික කොමිස් මුදලක් මත චීනයට ලබා දී තිබෙන බවට පසු ගිය කාලයේ බරපතල ලෙස පැවති පාලනයට චෝදනා එල්ල වුණා. මෙම මුදල් ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කර තිබෙන පරීක්ෂණවල දී ඒ බව තහවුරු වී ඇති අතර ඊට අදාල චෙක් පත් අංක සහ ඒවා ලබා ගත් පුද්ගලයන් පිළිබඳව තොරතුරු හෙළිවී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය විවාදයේ යෝජනාව ඉදිරිපත් කරන අතර සභාව කල්තබන විවාදයක් ලෙස දවස පුරා එය පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළා. පසුගිය පාලන සමයේ දි සිදුවූ වංචා දූෂණ රැසක් පිළිබඳ මෙම විවාදයේ දී හෙළි වනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2018 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්