තුර්කියට පනවා තිබූ හදිසි නීතිය ඉවත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.2016 වසරේදී මෙම හදිසි නීතිය පැනවුණු අතර වසර දෙකක කාලයක් මෙය ක්රියාත්මක වුණා. ඒ තුර්කියේ හමුදා කුමන්ත්රණකාරී තත්ත්වය හේතුවෙන්.
කුමන්ත්රණවලට සහාය දුන් දස දහසක පිරිසක් අත්අඩංගුවට ගත් අතර තවත් පිරිසකගේ රැකියා අහිමි වුණා. කෙසේ වෙතත් මෙම හදිසි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ චෝදනා එල්ල වෙමින් පවතින බවයි එරට වාර්තා සදහන් කරන්නේ. එරට ජනාධිපති රිසෙෆ් තයිෆ් එර්දගොන් නැවත වරක් ජනාධිපති වීමෙන් සතියකට පසු මෙම තීරණය ගෙන තිබෙනවා.