විහඟුන් කවුද?
දැවෙන්නේ ඇයි?
දැවෙන විහඟුන් චිත්‍රපටය නරඹන පේ්රක්ෂක මනසට මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් සෞන්දර්යාත්මක චාරිකාවක් යාමට සිදුවෙයි. එහෙත් එය චිත්‍රපට ශාලාවේ සිටින කෙටි කාලයට සීමා නොවන බව නිසැකය. දැවෙන විහඟුන් පෙළගස්වා ඇත්තේ ශී‍්‍ර ලාංකික පේ්රක්ෂකයාට ඉතා පහසුවෙන් ග්‍රහණය කරගත හැකි ආකෘතියකිනි. එය සරල, සමීප මෙන්ම ශ්රිී ලාංකික ජන විඥානයට සමපාත වූවකි. එබැවින් සියලු පේ්රක්ෂකයන්ට සමාජ යථාර්ථයක් නිරවුල් කරදීමට අධ්යක්ෂවරයා දරන මානුෂික උත්සාහය පසක් වෙයි.
වියලි කාලගුණික පරිසරයක, දුෂ්කර ගම්මානවල අඩු ආදායම්ලාභී පවුල් සංස්ථාව සම්පූර්ණයෙන්ම ශ්‍රමය මත පදනම් වන්නකි. ශ්‍රමය හැර වෙනත් ආදායම් මාර්ගයක් නැත. දරුවන් හත් අට දෙනෙක් සිටින පවුල් ඒකකයක මුලු බරම තාත්තා මත රැඳී තිබේ. එය ළමයින්ගේද , අම්මාගේ ද ජීවිත කෙරෙහි කොතරම් අවදානම් ද යන්න “දැවෙන විහඟුන් ” චිත්‍රපටය තුළ අධ්යක්ෂවරයා මනාව පිළිබිඹු කරයි. එම අවදානම හේතුවෙන් සාම්ප්‍රදායික ගැමි බිරිඳක් වෘත්තිය ගණිකාවක් දක්වා පවා විකාශනය කිරීමට චිත්‍රපටය තුළ අධ්යක්ෂවරයා උත්සාහ ගන්නේ පේ්රක්ෂක සිත් කම්පනය කරමිනි.
සංහිඳියාව ගැන අලුත් කතිකාවක් ගොඩනැගී ඇති අවධියක මෙම චිත්‍රපටය සැඟවුණ යතාර්ථයක් පේ්රක්ෂක සිත් වලට ස්පර්ශ කරවයි. වාර්ගික වශයෙන් මතුවන මතභේද පිළිබද බොහෝ දෙනා මතුකරන ජාතිවාදී අදහස් සියල්ල චිත්‍රපටයේ කතා වස්තුව තුල නිශේධනය කර තිබේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/dfa7f6322712614e6e049fc346875c0a_XL.jpg”]
මෙහි එකිනෙකාට වින කරගන්නේ වෙන වෙනම ජන වර්ග වලින් නොවේ. සිංහල ජනවර්ගයේ එකම ප්‍රදේශයේ පදිංචිකරුවන් එකිනෙකාට කරගන්නා විනාශය අතිශය ඛේදජනකයි. තම ජනවර්ගයේ නිර්දෝෂී අසරණ ගැහැණියක සහ දරු පවුලක් දෙස මොහොතකටත් සානුකම්පිත නොවන අමානුෂිකත්වය චිත්‍රපටය තුල මතුකර තිබේ. එය ජනවාර්ගික අසමගියට වඩා ඛේදජනක ඒක වාර්ගික ප්‍රාථමික ගෝති‍්‍රක තත්ත්වයකි.
“දැවෙන විහඟුන් ” චිත්‍රපටයට පාදක වන දුෂ්කර මායිම් ගම්මාන පරිසරයේ එකල පැවති වාර්ගික ත්රස්තවාදයට වඩා ඒකවාර්ගික අමානුෂිකත්වය දරුණු බව පේ්රක්ෂකයාට සිහිපත් කරගැනීමට මෙම චිත්‍රපටයෙන් ඉඩක් සලසා ඇතැයි තර්ක කළ හැකිය.
සංජීව පුෂ්පකුමාර නැමති සිනමාකරුවාගේ නිර්මාණ භූමිකාව “දැවෙන විහඟුන් ” චිත්‍රපටයට දායක වන ආකාරය වෙනම විමර්ශනය කළ යුතු කරුණකි.
සංජීව පුෂ්පකුමාර සිනමාකරුවෙකු ලෙස ජනපි‍්‍රය වන්නේ ඉගිල්ලෙන මාලුවෝ චිත්‍රපටයෙනි. එම චිත්‍රපටය සමඟ සංසන්දනයේ දී “දැවෙන විහඟුන් ” සිනමා සංකල්පනාව අපොහොසත් බවට තර්ක කළ හැකිය. එහෙත් ඔහුගේ චිත්‍රපට දෙකෙහිම සිය නිර්මාණ අනන්‍යතාව කැපී පෙනේ. සංජීවගේ සිනමා භූමිකාව මනා ලෙස හඳුනාගත හැකි සංකේත වලින් මෙම චිත්‍රපට දෙකම පිරී තිබේ.
අසාධාරණයට ලක්වන පාර්ශ්වය අසාධාරණයට ලක් කරවන ආසන්නම පාර්ශ්වයට එරෙහිව කළ හැකි අවසාන ජිවිත දඬුවම දීමෙන් “දැවෙන විහඟුන් ” චිත්‍රපටයේ අවසානය සටහන් කරයි. මේ සිනමාකරුවා ඔහුගේ ඉගිල්ලෙන මාලුවෝ චිත්‍රපටය අවසන් කරන්නේ ද එසේය.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/3b852490-bd93-450a-9de2-1921901b58c3-1200×550.jpg”]
චිත්‍රපට දෙකේම අවසානය සියුම්ව පරීක්ෂා කළහොත් සමාජ අසාධාරණයට පත්වන මිනිසුන් ඊට එරෙහිව සටන් කළත් ඔවුන් අවසානයේ අවදානම් ලෙස අතරමං වන බව පෙන්වා දීමට සිනමාකරුවා ගන්නා උත්සාහය “දැවෙන විහඟුන් ” චිත්‍රපටයේ කැපී පෙනේ. එය ඔහුගේ කලින් සිනමා නිර්මාණය වූ ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන් පෙන්වා දෙන්නේ අපූරුම ආකාරයකටයි. ඒ ප්‍රශ්නයට මුහුණ දුන් චරිත තුනම රියදුරෙක් නැතිව ධාවනය වන බසයක පලායන දර්ශනයකින් සිනමා කෘතිය අවසන් කරමිනි.
ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට අවසර නොලැබිණි. එබැවින් ශ්‍රී ලාංකික පොදු පේ්රක්ෂකයාට එම චිත්‍රපටය පිළිබද අත්දැකීම් නොතිබිය හැකිය. සිනමා ශාලාවකදී නොබැලුවත් වෙනත් ක්‍රමවලින් බොහෝ දෙනෙක් ඉගිල්ලෙන මාළුවෝ නැරඹූ බව මා දන්නා යථාර්ථයයි.
ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය නැරඹූ පේ්රක්ෂකයන් සංජීවගෙන් එවැනි අපූරු සිනමා කෘතියක් අපේක්ෂා කලත් “දැවෙන විහඟුන් ” එම බලාපොරොත්තුව ඉටු කළා යැයි කිව නොහැකිය. එය ඉගිල්ලෙන මාළුවන්ට වඩා දුර්වලයි.
සංජිවගෙන් පේ්රක්ෂකයන් අපේක්ෂා කළේ ඉගිල්ලෙන මාළුවන් අතික්‍රමණය කළ “දැවෙන විහඟුන් ” වුවත් ඔහු එය ඉටු නොකළ බව කිව යුතුය. ඒ ද්වේශ සහගත පහර දීමකට නොව අපූරු නිර්මාණ කෙරෙහි ඇති ලෝලීත්වය සංසිඳුවා ගැනීමට සිනමාකරු සංජීව අපූරු නිර්මාණ කරා පෙළඹවීමටයි. එය විචාරාත්මක යුතුකම යැයි සිතමි. “දැවෙන විහඟුන්” චිත්‍රපටයට පසුබිම් වන්නේ භීෂණ සමයේ ඝාතනයක ප්‍රතිඵලයක් ලෙස පීඩනයට පත්වන අටදරු මවකගේ දුෂ්කර ජිවිත අත්දැකීමක ඛේදජනක යථාර්ථයයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/22273aa9-ba29-4d6c-aaa2-e4635b9da2ac.jpg”]
ඇගේ සැමියා කිසියම් රාජ්‍ය විරෝධී ව්‍යාපාරයක කටයුතු කරන බව ගෝනිබිල්ලා විසින් තහවුරු කරනු ලැබීමෙන් පසුව ඝාතනය කෙරේ. එම ඝාතනයේ කුරිරු බවද එය රාජ්‍ය වරදක් බවද සිනමා කෘතිය තුළ ඉඟිකලත් රාජ්‍ය විරෝධී කි‍්‍රයා වලින් එවක සමාජ පරිසරය වියවුල් කළ අයුරු ගැන කිසිදු සටහනක් සිනමා කෘති තුල නැත. සිනමාකරුවා පක්ෂග්රාහී හෝ දේශපාලනික දෘෂ්ඨිකෝෂණයක සිට සිනමා සංකල්පය ගොඩනගා ඇතැයි සෘජුවම තර්ක කිරීමට එය සාක්ෂියකි.
සෑම සිදුවීමකින්ම පසු ඊළඟට සිදුවන දෙය ගැන පහසුවෙන් පූර්ව නිගමනයකට එළඹිය හැකි ඉතා සාමාන්‍ය බවක් සිනමා කෘතිය පුරා දක්නට ලැබිණ. සිනමා කෘතිය පේ්රක්ෂකයාට අපූරු අත්දැකීමක් නොවිමට එය හේතුවිය. සංජීවගෙන් පේ්රක්ෂකයා එවැනි තත්ත්වයක් අපේක්ෂා නොකළා යැයි සිතමි.
සිනමාකරුවාගේ ඊට පෙර නිර්මාණයක්වූ ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ ඇස ගැටුනු පාරිසරික දර්ශන, ගරා වැටුනු ගොඩනැගිලි හා ඉතා සමාන දර්ශන “දැවෙන විහඟුන් ” තුල ද දක්නට ලැබේ. එය පේ්රක්ෂකයාට හිඩසක් විය.
කෘතියට පසුබිම් වන පවුල දරුවන් අට දෙනෙකුගෙන් සමන්විත වීම කෘෂිකාර්මික සමාජ ලක්ෂණයකි. එහෙත් මේ පවුල කිසිදු කෘෂිකාර්මික උත්සාහයක නොසිටි හුදෙකලා බවක් චිත්‍රපටය තුල ප්‍රදර්ශනය විය. එය සිනමාකරුවා සිනමා සංකේතයක් ලෙස ගොඩනගන්නට උත්සාහ කලත් කෘතිය තුල පේ්රක්ෂකයාට මානසික හිඩසක් ඇති කෙරිණ. ස්වාභාවික නිවසක් පිළිබිඹු කරන පසුතලය වෙනුවට කෘතිම නිවාස ආකෘතියක් පේ්රක්ෂක මනසට ඇතුල් විය. එය කතා වස්තුවේ තාර්කික යථාර්ථය තහවුරු කිරීමට බාධාවක් වූවා යැයි තර්ක කළ හැකිය.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/bb-3.jpg”]
චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පාදක වන “කුසුම්” නැමැති ගැමි මව වෙනුවෙන් අනෝමා ජනාදරී ඉතා විශිෂ්ට රංගන දායකත්වයක් සපයයි. ඇගේ රංගන භූමිකාව මුලු චිත්‍රපටයේම ජීවය බවට පත්විය.
සමාජයේ මතුපිට පිලිබද ව්‍යාජයත් යථාර්ථය පිලිබඳ අව්යාජයත් පිළිඹිබු කරන සංකේතයක් ලෙස කිරිමදුවැල් යන ගීතමය සංකේතය මනාලෙස සංයෝජනය කර තිබේ. එය ආරම්භයත්, අවසානයත් සමග පැවැත්මක් ගැන ඉඟියක් සටහන් කරයි. සංජීව ඔහුට ආවේණික සිනමා ආඛ්‍යානය තහවුරු කරන ලක්ෂණයක් ලෙස ද එය දැකගත හැකිය. ආත්ම ප්‍රකාශන සිනමා රැල්ලට මෙවැනි සංකේත එකතු කිරිමෙන් සෞන්දර්යාත්මක පරිකල්පනය ඔහු නව මානයකට රැගෙන යයි.
කෙසේ වෙතත් දැවෙන විහගුන් ගැඹුරු සමාජ යථාර්ථයක් හෙළිකරන සෞන්දර්යාත්මක නිර්මාණයකි. චිත්‍රපටයට පාදක වන අට දරු පවුලේ මව සිරගතව සිට ගමට පැමිණ තම සැමියාව ඝාතකයන්ට පාවාදුන් විදුහල්පතිවරයාව කෲර ලෙස ඝාතනය කරයි. විදුහල්පති ඝාතනයෙන් පසු මව තම දරුවන් සමග සිටි නිවසට ගිනි තබයි. අට දරුවන්ගේ වැඩිමහල් දියණිය කොළඹ ඇගලුම් කම්හල් සේවිකාවක් බවට පත්වෙයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/maxresdefault-1.jpg”]
මේ සිද්ධිදාමයෙන් ප්‍රකාශ වන්නේ කුමක්ද? පේ්රක්ෂකයාගේ පරිකල්පනයට පුළල් ඉඩක් ඉන් විවෘත කර තිබේ.
ඇගලුම් සේවිකාවක් වීම අපේ සමාජයේ වෙනම ලේබලයකි. අවදානමේ, අපයෝජනයේ, අසරණ බවේ සහ අනාරක්ෂිත බවේ සංකේතයකි.
කෘෂිකාර්මික දුෂ්කර ගමේ අතරමංව සිටි ශ්‍රි ලාංකික සමාජ කණ්ඩායමක් නාගරික කර්මාන්තකරණය තුළ නැවතත් අතරමංව වන බව චිත්‍රපටයෙන් සංකේතවත් කරයි.
විහඟුන් කවුද?
දැවෙන්නේ ඇයි?
දැන් ඔබ තෝරාගත යුතුය. දැවෙන විහගුන් නරඹන පේ්රක්ෂක ඔබට එම තෝරාගැනීම සදහා මෙය විචාරාත්මක මග පෙන්විමක් පමණි.
දැවෙන විහඟුන් නරඹන්නන්ට නොදැවෙන්න පතමි.
– උදම් සතරසිංහ