ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. අලුත් ව්‍යාපාරිකයන්ට ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා මෙම වැඩසටහන යටතේ ණය යෝජනා ක්‍රම 16කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවා. එම කටයුතු වඩාත් පහසු කිරීම වෙනුවෙනුයි රාජ්‍ය බැංකුවල එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා විශේෂ කවුළුවක් විවෘත කෙරෙන්නේ.
ලංකා බැංකු මූලස්ථානයේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා විශේෂ කවුළුව විවෘත කිරීම අද සිදු කෙරුණා. ඒ මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. නව ව්‍යවසායකයන්ට ලියාපදිංචි වීම තුළින් ප්‍රමාදයකින් තොරව ණය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව මේ තුළින් හිමි වනවා. මේ අතර මහජන බැංකු ප්‍රධාන මූලස්ථානයේ දී ද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා විශේෂ කවුළුව විවෘත කිරීම අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Ww8cXLgbnUw&feature=youtu.be”]