fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යොවුන් පාර්ලිමේන්තුවේ 7 වන සැසිවාරය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2018 17:59

යොවුන් පාර්ලිමේන්තුවේ 7 වන සැසිවාරය ඇරඹෙයි

හතරවන ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ හත්වන සැසිවාරය මහරගම ජාතික තරුණ සේවා සභා යොවුන් පාර්ලිමේන්තුවේදී අද (18)  ආරම්භ වුණා. තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්වයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග, විරැකියාව අවම කිරීම සදහා යෝජනා යන මාතෘකා යොවුන් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණෙනු ඇති. අමාත්‍ය සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ යන මහත්වරුන් අද දිනයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වුණා.

අමාත්‍ය සාගල රත්නායක,

තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. යොවුන් පාර්ලිමේන්තුව හෙට (19) දිනයේත් පැවැත්වෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2018 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo