තායිලන්ත ගුහාවේ සිරවී සිටි පාපන්දු ක්රීඩකයන් රෝහලේ ප්රතිකාර ලැබීමෙන් පසු අද සිය නිවෙස් බලා පිටව ගියා. තායිලන්තයේ තාම් ලුආන්ග් ගුහාවේ සිර වූ පාපන්දු ක්රීඩකයන් බේරා ගැනීමේ මෙහෙයුම පිළිබඳ ලෝකයේම අවධානය යොමු වුණා.
දින තුනක අසීරු මෙහෙයුමකින් අනතුරුව පසුගිය 10 වනදා ඔවුන් සියලු දෙනා බේරා ගැනීමට හැකි වුණා. එම ක්රීඩකයින් තායිලන්තයේ චියෑන් රායිහි පිහිටි රෝහලක ප්රතිකාර ලැබුවා. ඔවුන්ගේ දෙමව්පියන්ට ද එම දරුවන් හමුවීමට අවස්ථාව නොදුන් අතර විෂබීජවලට නිරාවරණය වීමෙන් යළි රෝගී තත්ත්වයන්ට ලක්විය හැකිවීම ඊට හේතුවයි.