නීති විරෝධීව විදේශයකට රැගෙන යාමට උත්සාහ කළ රන් බිස්කට් 12 ක් සමග ඉන්දීය ජාතිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගු නිලධාරීන් සමත්වුණා.අත්අඩංගුවට ගත් රත්රංවල බර ග්රෑම් 250 කට ආසන්න වනවා.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 15 කට අධික බවයි රේගු නිලධාරීන් පවසන්නේ. කටුනායක ගුවන්තොටුපොළින් චෙන්නායි බලා යාමට සිටියදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.