fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇත්තද බොරුද විශ්වාස නෑ ; පරිස්සමෙන්

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2018 11:39

ඇත්තද බොරුද විශ්වාස නෑ ; පරිස්සමෙන්

මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මාර්ගවල පොලිස් නිලධාරීන්ට සමාන රුව සහිත ආකෘති තැබීමට පුත්තලම පොලීසියේ රථවාහන අංශය පියවර ගෙන තිබෙනවා. පුත්තලම පොලිස් කොට්ඨාසයේ අනතුරු බහුල ප්‍රදේශවල මේ වන විටත් එම පොලිස් රුව සහිත ආකෘති පිහිටුවා තිබෙනවා. වේග මීටරය අතැතිව රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රුව මෙලෙස ප්‍රදර්ශනය කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

මෙම දර්ශනය දුටු සැණින් රියදුරන් වාහන වේගය පාලනය කරන බවට පසුගිය කාලය තුළ කළ පරීක්ෂණවලදී හෙළි වූ බවයි පුත්තලම පොලීසිය පවසන්නේ. මෙම ආකෘති විවිධ ස්ථානවලට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කර තිබීමද විශේෂත්වයක්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2018 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්