විනාඩියක් ඇතුළත තම උදරය මත තබාගනිමින් කඩුවකින් කොමඩු ගෙඩි 26 ක් කපා නව ගිනස් වාර්තාවක් තැබීමට අශ්රිටා ෆර්මන් සමත් වුණා. අශ්රිටා ෆර්මන් දැනටමත් ගිනස් ලෝක වාර්තා 203 කට හිමිකම් කියනවා. ඔහු මීට පෙර ගිනස් ලෝක වාර්තා 600 ක් තබා ඇති 63 හැවිරිදි ඇමෙරිකානු ජාතිකයෙක්.
මීට පෙර මෙසේ උදරය මත තබා කොමඩු කැපීමේ වාර්තාවට වඩා කොමඩු ගෙඩි හයක් වැඩිපුර කැපීමට ඔහු සමත්වුණා. ඉතා මුවහත් කඩුවකින් මෙම කොමඩු කපා වෙන්කරන ලද අතර එය ඉතා භයානක ක්රියාවක් බවයි ගිනිස් ලෝක වාර්තා කමිටුව ද ප්රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=bPzXJbBt6Rg”]