ජනාධිපතිවරණය ගැන ඇමරිකා බුද්ධි අංශ ඉදිරිපත් කළ තොරතුරු පිළිගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. රුසියාව ඊට මැදිහත් වූ බවයි බුද්ධි අංශ පෙන්වා දුන්නේ. එභෙත් රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සමඟ පැවති සාකච්ඡාවේදී බුද්ධි අංශ හෙළි කළ තොරතුරු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් තමන් පළ කළ අදහස් මඟින් වැරදි අර්ථකථනයක් ස්මතු වී ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.
නායක හමුවෙන් අනතුරුව ඇමරිකා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මත සම්බන්ධයෙන් විවිධ විරෝධතා එල්ලවුණා. කොංග්රස් සාමාජිකයන් මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරින් ද ඊට අයත්. රුසියාව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනිමට තිබූ අවස්ථාව මඟහැරුණු බවයි ඔවුන් සඳහන් කළේ. කෙසේ වෙතත් උප ජනාධිපති මයික් පෙන්ස් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියා. සාකච්ඡා අතිශයින් සාර්ථක වූ බව දෙරටේම නායකයන් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකා ජනාධිපතිවරයාගේ විවිධ මත හේතුවෙන් විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළු මතුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.