fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඩා දරුවෙකුට මධ්‍යසාර පෙවූ පියා ඇතුළු 4ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 19:55

කුඩා දරුවෙකුට මධ්‍යසාර පෙවූ පියා ඇතුළු 4ක් අත්අඩංගුවට

සමාජ ජාල වෙබ් අඩවිවල හුවමාරු වූ කුඩා දරුවකුට මත්පැන් පෙවීමේ සිද්ධියට සම්බන්ධ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දරුවාගේ පියා ද ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ. වීඩියෝවෙහි දැක්වෙන පිරිමි දරුවාගේ වයස අවුරුදු එකයි මාසයක්. පියාගේ වයස අවුරුදු 40ක් බව පොලිසිය සඳහන් කළා.

මීගලෑව පොලිස් වසමේ නිවසක මෙම සිදුවීම සිදුව ඇති බවටයි පොලිසිය තොරතුරු අනාවරණය කර ගත්තේ. ඒ අනුව වහාම දරුවා අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. වැඩිදුර පරික්ෂණ පැවැත්විමෙන් පසු ළමයින් කෘරත්වයට පත්කිරිමේ වරද සම්බන්ධයෙන් පියා ඇතුුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔවුන් හෙට (18) ගල්ගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 19:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo